ක්‍රිකට් දොරටු යළිත් රසිකයන්ට ඇරෙන ලකුණු

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්දයෙන් සොයා බැලීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ඊයේ ළගා වුණා. ඒ ඉන්දියාවේ පවතින තත්ත්වය හේතුවෙන් එරට ක්‍රිකට් තරග පැවැත්වීමේ හැකියාවක් නොපවතින බැවිනි.

එමෙන්ම ඉන්දියාවට සත්කාරකත්වය හිමිව තිබෙනව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තුල සාකච්ඡා ඇරඹී තිබෙනවා.

මෙහිදී තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සම්බන්ධයෙන් මෙන්ම කණ්ඩායම් අට සදහා වන ජෛව ආරක්‍ෂිත බුබුළ සකස් කර ගැනීම පිළිබදවද අවදානය යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

විශේෂත්වය වන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය රසිකයන්ට විවෘත කිරීමටත් අවදානය යොමුව තිබීමයි. ක්‍රීඩාංගන ධාරිතාවයෙන් 50%කට රිකට් පත් නිකුත් කිරීමටත්, කොරෝනා මර්දන එන්නත් ලබා ගත් ක්‍රිකට් රසිකයන්ට පමණක් ටිකට් පත් අලෙවි කිරීමටත් අවදානය යොමුව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button