විනය කැඩු තිදෙනාට විනය කමිටුවෙන් මාස දහ අටක තරග තහනමක් – ලබා දුන් දඬුවම අඩු කරන්න ක්‍රිකට් ලොක්කන්ගෙන් බලපෑම්

නිමාවූ එංගලන්ත තරගාවලියේදි විනය විරෝධීව හැසිරුනු නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව විසින් දඬුවම් ලබා දී තිබෙනවා.

අද දින (29) මෙම ක්‍රීඩකයන් තිදෙනා විනය පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවූවා.

එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර තිබේ.

ඔවුන්ට එරෙහිව එක අයෙක්ට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන්.

මෙම තීරණය ක්‍රියාත්මක වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමත කළ යුතුව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙක් මෙම දඬුවම ලිහිල් කර වසරක් දක්වා අඩු කිරීමට විනය කමිටුවට බලපෑම් කරමින් තිබෙන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button