එංගලන්ත සංචාරයට නම් කළ මූලීක සංචිතය

විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

මේ සඳහා මින් පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දුද ඇතුලත් කර තිබේ.

අවිශ්ක ප්‍රනාන්දුට අමතරව, බංග්ලාදේශ සංචාරයට එක් නොවූ ධනංජය ලක්ෂාන්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම සහ කමිල් මිෂාර ද යොවුන් ක්‍රීඩකයන් වශයෙන් මෙම මූලික සංචිතයට ඇතුළත් කර තිබේ.

ඇන්ජලො මැතිවුස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් ඇතුලු ජ්‍යේෂ්ඨයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබීම විශේෂත්වයකි.

ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත් කර තිබුනත් ඔවුන් දෙදෙනා එංගලන්ත සංචාරයට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්විය යුතු බවත් වාර්තා වේ

මෙම සංචිතය ඉදිරියේදි ක්‍රීඩකයන් 22 ක් දක්වා අඩුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා. ඉන්පසුව එංගලන්ත සංචාරය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ඇරඹීමට නියමිතය.

මෙම තරගාවලියට ඇතුලත් එක්දින තරග තුනම ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කි.

එංගලන්තයේදී සතියක නිරෝධායන කාලයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මස 8 වැනිදා හෝ 10 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ සඳහා නම් කර තිබෙන සංචිතය : කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, අකිල ධනංජය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, කමිල් මිෂාර, ශිරාන් ප්‍රනාන්දු සහ ඉෂාන් ජයරත්න,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button