IPL කණ්ඩායම් විසින් ඉවත් කළ සුපිරි ක්‍රීඩකයන් තිස්දෙනා මෙන්න!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර නව කණ්ඩායම් දෙකක්ද එක්කර ගනිමින් සුපිරි තරගාවලියක් ලෙස පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සුදානම් කර තිබේ.

එහිදි එළබෙන තරගාවලියට අදාලව සුපිරි ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන අතර, කණ්ඩායමකට රඳවා තබා ගත හැක්කේ පෙර සංචිතයෙන් ක්‍රීඩකයන් සිවුදෙනෙක් පමණි.

ඒ ක්‍රීඩකයන් සිවුදෙනා අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත ලබා දී තිබුනා.

ඒ අනුව ක්‍රීඩකයින් 27 දෙනෙකු සිය කණ්ඩායම්වල රදවා ගැනීමට කණ්ඩායම් අට විසින් පියවර ගෙන තිබේ.

IPL තරගාවලිය සදහා එරට ක්‍රිකට් ආයතනය විසින් ලක්නව් හා අහ්මදාබාද් යන නගර කේන්ද්‍ර කර ගනිමින් නව කණ්ඩායම් දෙකක් එක් කළ අතර එම කණ්ඩායම් දෙක සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් මිලදී ගැනීමේ අවස්ථාව වෙන්දේසියට පෙර හිමිව තිබේ.

සෙසු සියලු ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනීමට සියලු කණ්ඩායම්වලට සිදු වේ.

පසුගියදා ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම්වල රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත් නොවූ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එලෙස කණ්ඩායම්වල රදවා නොගෙන සංචිතවලින් නිදහස් කෙරුණු ප්‍රධාන ක්‍රීඩකයින් තිස්දෙනා පහතින්

සන්රයිසස් හයිදරාබාද් – රෂීඩ් ඛාන් , ඩේවිඩ් වෝනර්, බුවනේෂ්වර් කුමාර්

චෙන්නායි සුපර් කිංග්ස් – සුරේෂ් රයිනා, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩ්වෙයින් බ්‍රාවෝ, අම්බටි රයිදු

දිල්ලි කැපිටල්ස් – රවිචන්ද්‍රන් අශ්වින්, ශිකර් ධවාන්, කාගිසෝ රබාඩා, ෂ්රෙයස් අයියර්, මර්කස් ස්ටොයිනිස්

කොල්කටා නයිට් රයිඩර්ස් – ෂුබ්මන් ගිල්, ඔයින් මෝර්ගන්, ශකිබ් අල් හසාන්, දිනේෂ් කාර්තික්

රාජස්ථාන් රෝයල්ස් – බෙන් ස්ටොක්ස්, ජොෆ්ර ආචර්, ක්‍රිස් මොරිස්

පංජාබ් කිංග්ස් – කේ.එල් රාහුල්, ක්‍රිස් ගේල්, මොහොමඩ් ෂාමි, නිකලස් පූරාන්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – යුස්වේන්ද්‍ර චහෙල්, හර්ෂාල් පටෙල්, වනිදු හසරංග, වොෂින්ටන් සුන්දර්

මුම්බායි ඉන්දියන්ස් – ක්වෙන්ටන් ඩී කොක්, ඉෂාන් කිෂන්, හර්ඩික් පාන්ඩ්යා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button