තරගාවලියක් ඉදිරියේ ක්‍රීඩකයන් හතක් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ඉදිරි තරගාවලි උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රිඩකයන් හත්දෙනෙකු අසමත් වී තිබෙන බව වාර්තා වේ. තවත් ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා ඉතිරි තරගාවලි අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

ලසිත් ඇඹුල්දෙණිය, සදුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියල්, සංගීත් කුරේ, කුෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ හා , අශාන් රන්දික යන ක්‍රීඩකයන් මෙලෙසට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී තිබේ.

මොහොමඩ් ෂිරාස්, සචිදු කොළඹගේ හා නිමේෂ් විමුක්ති යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය ක‍රනවා. ඒ හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදි පැවැත්වෙන කණ්ඩායම් හතරකින් යුත් ආරාධිත විස්සයි විස්ස තරගාවලියද මඟහැරෙනු ඇති.

ආරාධිත විස්සයි තරගාවලිය අගෝස්තු 12 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට කණ්ඩායම් හතරක් එක්වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button