“මේක 1996 අපි දිනපු ලෝක කුසලානයට සමාන ජයග්‍රහණයක්” – දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් ගැන රසිකයකු තැබූ සටහන.!

යුපුන් ලංකාවේ ඉන්නකොට හිමාශ එශාන්ටත් යටින් හිටපු කෙනෙක්. හිමාශ තමයි ලංකාවේ ඒ කාලයේ වැඩ්ඩා..

හිමාශ 1995 .. යුපුන් 1994 ඉපදිලා තියෙන්නෙ. හිමාශ ඒ කාලයේ තත්පර 10.30+ ගණන් වල දුවනවා. යුපුන් 10.40+ වගෙ දුව දුව හිටියෙ.. යුපුන් student visa දාලා scholarship එකක් අරගෙන ඉතාලි යනවා.. ගිහින් තමන්ගෙ වියදමින් මාර ගේමක් ගහනවා. දිව්වා විතරක් නෙමෙයි attitude එකත් හොදටම තිබ්බ කොල්ලෙක්..

ලංකාවේ මිනිස්සු නොදන්න sprinting ගැන කිසිම ලෝභකමක් නැතිව කියලා දුන්නා. තත්පරයෙන් 1/100 ක වටිනාකම නොතේරෙන අයට ඒ බර කියලා දුන්නා..

යුපුන් එදා ඉතාලි ගියේ නැත්නම් අද 1994 කොල්ලො සෙට් එකම එක්ක යුපුනුත් ලංකාවේ තෙල් පෝලිම් වල රස්තියාදු වෙනවා බන්.. එහෙනම් යුපුන් ඔලිම්පික් දුවන්නෙත් නෑ.. ඩයමන්ඩ් ලීග් දුවන්නෙත් නෑ. ලබන මාසයේ ලෝක ශූරතා වලට දුවන්නෙත් නෑ.. තත්පර 10ට අඩුවෙන් තියා 10.20ට අඩුවෙන් දුවන්නෙත් නෑ..

Decisions බන්.. ඒ වගේම යුපුන්ට ඒ වෙලාවේ ඒ තීරණය ගන්න පසුබිම හදලා දුන්න දෙමව්පියන්ට පිං…

මම එක පාරක් ලිව්වා.. යුපුන් තත්පර 10ට අඩුවෙන් දිව්වොත් ඒක ලංකාව දිනපු 1996 ලෝක කුසලානය වගෙ achievement එකක් වෙනවා කියලා.. සුසීගෙ ඔලිම්පික් මෙඩ්ල් එකට වඩා මේක මට වටිනවා. සමහරු මට බනීවි.. සුසීගෙ මෙඩ්ල් එකෙ timings අනිත් ඔලිම්පික් තරගාවලි වල 200m event වල කාලයන් එක්ක ගලපලා බලන්න. මම කියපු දේ තේරෙයි.

දකුණු ආසියානු ජාන වලට කවදාවත් ළගා වෙන්න බැහැයි කියලා හිතපු බාධකයක් මේ කොල්ලා ඔන්න ඉවර කරා..

මේක ලංකාවේ තරුණ තරුණියන්‍ට ලොකු මෝටිවේශන් එකක් වේවි.. Run like Yupun

හීන වලට සටන් කරන විදිය පියවරෙන් පියවර අපිට පෙන්නපු උඹ මේ රටේ ඇත්තම ජාතික වීරයෙක් Yupun Priyadarshana Abeykoon .. උඹට නොලියන හෑලි වෙන කාට ලියන්නද?

Go ahead.. ලෝකය උඹ වෙනුවෙන් බලන් ඉන්නවා.. ජයම වේවා!

-ගිහාන් සමීර ගාල්ලගේ තැබූ සටහනක් ඇසුරිණි (අනව තප්ත විල)

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button