ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකාවෙන් අලුත් උපායක් – මැදපෙළ පිතිකරුවෙක් ‘ඕපන්’ එවීමට යයි!

එළඹෙන ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ උපක්‍රම අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුවළ වෙනස් කිරීමටත් මේ වනවිට කතාබහක් ඇතිව තිබෙන බවත් සඳහන්.

පසුගිය සමයේ ආරම්භක පිතිකරණ යුවළ සඳහා විවිධ සංකලනයන් අත්හදා බැලූ නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නෑ.

ඒ අනුව කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවෙකු ලෙස එවීමට මේ වනවිට කතාබහක් ඇතිව තිබේ.

ධනංජය නොම්මර හතර, පහ ස්ථාන වක ක්‍රීඩා කළ නමුත්, එම ස්ථානයන්ගේ සාර්ථක වීමට ඔහුට හැකි වූයේ නෑ. ඒ හේතුවෙන් ඔහු මෙලෙසට ආරම්භක පිතිකරණ ස්ථානයේ අත්හදා බැලීමට සුදානම් බව වාර්තා වේ.

මේ සඳහා පෙරපුහුණුවක් ලෙස අද තරගය යොදාගැනීමේ සුදානමක් පවතින බවත් ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

ධනංජය ද සිල්වා මේ වනවිට වැඩිම වැටුපක් ලබනා ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අයෙක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තු හිමිවුයේ ඔහුට සහ නිරෝෂන් දික්වැල්ලට පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button