අවසන් වසර 7 තුළ ශ්‍රී ලංකාව පමණක් දැක්වූ විශිෂ්ඨ දස්කම නවසීලන්තයත් පෙන්වයි

වසර 7 කට පසුව සිය රට තුළදී ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට එංගලන්ත කණ්ඩායමට අද (13) සිදු වුණා. ඒ නවසීලන්තය සමග පැවැති තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජය ගැනීම හේතුවෙන්.

බර්මින්හැම්හී දී අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු අටකින් ජය වාර්තා කළා. තරගාවලියේ පළමු තරගය ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැති අතර එය ජය පරාජයෙන් තොරව අවසන් වූවා. ඒ අනුව තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජය ගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තා.

මෙය ගෙවීගිය වසර හත තුළ එංගලන්ත කණ්ඩායම සිය රටේදී ටෙස්ට් තරගාවලි පරාජයකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමයි. අවසන් වරට ඔවුන් මවුබිමේදි ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග 2014 වසරේදි පැවැති ටෙස්ට් තරගාවලියෙනි.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 38ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් කඩුලු 2ක් දැවී සිටියදී එම ඉලක්කය පසුකර ගියා. නායක ටොම් ලේතම් නොදැවී ලකුණු 23ක් රැස් කළා.

එංගලන්ත පළමු ඉනිම : 303
ඩෑන් ලෝරන්ස් නොදැවී 81
ට්‍රෙන්ට් බෝල්ට් 4/81

නවසීලන්තය පළමු ඉනිම : 388
විල් යංග් 82
ස්ටූවර්ට් බ්‍රෝඩ් 4/48

එංගලන්ත දෙවන ඉනිම : 122
මාර්ක් වූඩ් 29
නීල් වැග්නර් 3/18

නවසීලන්ත දෙවන ඉනිම : 41/2
ටොම් ලේතම් 23
ඔලී ස්ටෝන් 1/5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button