“මම භාගයක් ඉන්දියානුවෙක් වෙලා, ඒ ගැන ආඩම්බරයි” – ඉන්දියාවට පන සේ ආදරය කරනා ඒබී ඩි විලියස් සමු ගනිමින් කියූ සංවේදි කතාව!

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒබී ඩිවිලියර්ස් අද දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණ සමුගැන්ම ප්‍රකාශයට පත් කළා.

ඒ පිලිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමන් ජීවිත කාලයටම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පවුලේ සාමාජිකයෙකු වනු ඇති බවය.

සමාජජාලා මාධ්‍යයට විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඒ.බී ඩිවිලියර්ස් මේ බව ප්‍රකාශ කළා.

“මම ජීවිත කාලයටම RCB පවුලේ සාමාජිකයෙකු වන්නයි යන්නේ. RCB කණ්ඩායමේ සිටින සෑම පුද්ගලයෙක්ම මට පවුලක් වෙලා.”

“මිනිසුන් එනවා සහ යනවා, නමුත් RCB හි අප එකිනෙකාට ඇති ජීවගුණය සහ ආදරය සැමවිටම පවතීවි. මම දැන් අඩක් ඉන්දියානුවෙක් වෙලා, මම ඒ ගැන ආඩම්බර වෙනවා.”

ඒ.බී ඩිවිලියර්ස් ඉන්දීය රසිකයන් අතර අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු වන අතර, මෑතක පැවැත්වූ සෑම ඉන්දීය ප්‍රීමියර් ලීගයකම ඔහුට කොන්ත්‍රාත්තුවක් හිමි වූවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කරමින් ලකුණු 8755ක් ලබා ගෙන තිබේ. එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉනිමක වේගවත්ම අර්ධ ශතකය, ශතකය සහ ලකුණු 150 වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ඒ.බී. ඩි විලියස්.

IPL තරග 184කට ක්‍රීඩා කර ඇති ඩි විලියස් එහිදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 5,162ක්. ශතක 3ක් හා අර්ධ ශතක 40ක් ඊට ඇතුළත්.

ඩි විලියස් ක්‍රීඩා කළ සමස්ත 20යි 20 තරග සංඛ්‍යාව 340ක් වන අතර, එහිදී ලකුණු 9,424 ක් රැස් කිරීමට ඔහු සමත් වුණේ ශතක 4ක් හා අර්ධ ශතක 69ක් ද සමගින්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button