ඇෆ්ගණිස්ථාන – නවසීලන්ත තරගය ජය ගන්න ඇෆ්ගණිස්ථානයට ඉන්දියාවෙන් උපරිම සහය – දඟ කැවෙන තනතීරුවකුත් හදයි!

T20 ලෝක කුසලානයේ තීරණාත්මක ඇෆ්ගණිස්ථාන සහ නවසීලන්ත තරගය හෙට (07) අබුඩාබි හීදි පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය නවසීලන්තයට සහ ඉන්දියාවට දැඩි ලෙස වැදගත් වෙනවා. මෙම තරගය නවසීලන්තය ජය ගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඇෆ්ග්ණිස්ථානය ජයගතහොත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ඉන්දියාවට අතිශය තීරණාත්මක මෙම තරගයේදි ඇෆ්ගණිස්ථානයට උපරිම සහය ඉන්දියාව විසින් ලබා දෙන බවත් ක්‍රිකට් විස්තර විචාරකයන් වාර්තා කරනවා.

හෙට තරගය පැවැත්වෙන්නේ අබුඩාබී හිදී වන අතර දැඩි ලෙස දග කැවෙන පිටියක් ඒ සඳහා සකස් කෙරෙනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

ඒ ඇෆ්ගණිස්ථාන ප්‍රධාන පන්දු යවන්නා වන රශීඩ් ඛාන්ට වාසිදායක වන අයුරිනි. තවද ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා නොකළ ප්‍රබල දග පන්දු යවන ක්‍රීඩක මූජිබර් රහුමාන් නවසීලන්තය සමග තරගයට ක්‍රීඩා කරනු ඇති බවටත් විචාරකයන් පවසනවා.

නවසීලන්ත පිතිකරුවන් සාපේක්ෂව දඟ පන්දු යවන්නට හොදින් පන්දුවට පහර නොදෙන අතර, ඇෆ්ගණිස්ථාන කණ්ඩායමට ප්‍රබල දඟ පන්දු බල ඇණියකින්ද යුක්තයි.

ඉන්දියාව සමග තරගයේ ඇෆ්ගණිස්ථාන කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද විවිධ සැක සංකා මතුවී තිබුණි. මෙහිදී බොහො දෙනා ප්‍රකාශ කර තිබුනේ ඇග්ගණිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කළේ ඉන්දීය කණ්ඩායමට ලකුණු ලබා දීමේ අරමුණින් බවය.

මෙහිදී ඇෆ්ගණිස්තාන පන්දු රකින්නන් විසින් සිදු කළ පන්දු රැකීමේ අඩුපාඩුද දැඩි ලෙස කතාබහට ලක්වුනා.

මෙහිදි ට්විටර් වෙබ් අඩවියේ ඇතැම් රසිකයන් ප්‍රකාශ කරන්නේ ඇෆ්ගණිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ කොන්ත්‍රාත්තු උදෙසා ඉන්දියාවට වාසි දායක අයුරින් ක්‍රීඩා කළ බවය.

ඒ හේතුවෙන්ම ඔවුන් නවසීලන්තය පරාජය කිරීමට උපරිම උත්සාහය යොදනු බවටත් රසිකයන් ප්‍රකාශ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button