තමන් සුදානම් බව ඇන්ජලො ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වයි (Breaking News)

මින් පෙර ක්‍රිකට් තේරීම් වලින් නොසලකා හැරුනු ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අනුව ඇන්ජලො මැතිවුස් විසින් ඊයේ(10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවය.

මින් පෙර පසුගිය ජූලි මාසයේදි ඇන්ජලො මැතිවුස් විසින් තමන් ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තමා අවධානය යොමු කර ඇතැයි ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන්පසුව ඇන්ජලො මැතිවුස් විසින් පසුගිය සමයේ පුහුණුවීම් අරඹන අයුරුත් දැකගත හැකි වුනා.

එහිදි ඉදිරි තරගාවලි සදහා වන තේරීම්වලට සලකා බලන ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මේ වන විට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාර්තා වන අන්දමට එළඹෙන 27 වනදා සිට ආරම්භ වන දේශීය තරග වාරය සදහා ඔහු කොල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කිරීමටද සුදානමින් පසුවේ.

එමෙන්ම නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසුවන බව සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button