ඇන්ජෙලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි.?

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඉදිරි සති 02 කාලය තුලදි අවසන් තිරණයකට එළඹෙන බවත් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වා ඇත.

ඔහු විසින් එම ලිපිය තුලින් වර්තමාන තේරීම් ව්‍යුහය නිසා ජාතික කණ්ඩායම වැටී ඇති තත්වය පිළිබඳ දැඩි විවේචනයක් සිදු කර ඇති බවද වාර්තා වන අතර එම තීරණය වෙනස් කරවීමට ක්‍රිකට් ආයතයන දැඩි උත්සහයක පසුවන බව වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 386කදී අර්ධ ශතක 81ක් සහ ශතක 14ක් සමඟින් මුලු ලකුණු 13,219ක් ලබා තිබුනේ කඩුළු 191ක් සහ උඩ පන්දු 129ක් ද රැක ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මෑත දශකයේ බිහිකල විශිෂ්ඨතම තරඟ දිනවන්නා ලෙසද තම නාමය ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල සනිටුහන් කරමිනි..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button