ජැෆ්නා කිංග්ස් තවත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අයිතිය තමන් සතු කරගනියි!

මෙවර ලංකා ප්‍රීමියර් ලීගයට අලුතෙන් එක්වූ ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම තවත් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අයිතිය තමන් සතු කරගෙන තිබෙන බව වාර්තා වේ.

මේ අනුව පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩූ ප්ලෙසිස් මෙවර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම උදෙසා ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වන්නේ පළමුවරට වීම විශේෂත්වයකි.

ඒ අනුව ෆෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදේශීය අයිකන් ප්ලේයර් ලෙසත් රියාස් විදේශීය ඩයමන්ඩ් ප්ලේයර් ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක්වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරාත් ප්‍රධාන පුහුණුකරු ලෙස තිලිණ කණ්ඩම්බිත් කටයුතු කරනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button