ආබාධය හේතුවෙන් ඇන්ජලො මැතිවුස්ට ක්‍රිකට් අහිමි වන කාල සීමාව හෙළිවේ!

ශ්‍රී ලංකා හිටපු නායක හා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් හට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ‍ටෙස්ට් ක්‍රිකට් තරගයේදීත් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එහිදි ඇන්ජලෝ මැතිවුස්ගේ පාදයක ආබාධයක් ඇති වුනා.

ආබාධය සුව වීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වනු ඇති වෛද්‍යවරුන් මැතිවුස්හට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙසද පත් කර ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්. මේ අනුව ඔවුන්ට වෙනත් නායකයෙක් පත් කරගැනීමට සිදුවනු ඇති.

කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් මැතිව්ස් පිතිකරණයේ නිරත වන බව කණ්ඩායම් කළමණාකාරීත්වය ප්‍රකාශ කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button