ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් පහක් – ජ්‍යේෂ්ඨයන්ටත් අවස්තාව

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් අමතර ක්‍රීඩකයින් පස්දෙනෙකු රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වේ.

තේරීම් කමිටුව විසින් මෙම තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙන වාර්තා වේ.

මේ සඳහා හේතුව වන්නේ මේවනවිට සංචිතයේ සිටිනා ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ සහ ශාරීරීක යෝග්‍යතා ගැටලු බවත් වාර්තා වේ.

මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර තවත් අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනෙකුද සංචිතයට එක්කර තිබෙනවා.

දැනටමත් ලෝක කුසලාන සංචිතයේ ළහිරු මදුෂංක ආබාධයකට ලක්වී තිබෙනා අතර මේ සමග අතිරේක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ළහිරු මදුෂංක වෙනුවට බොහෝ විට සංචිතයට ඇතුලත්ව ඇත්තේ මිනෝද් භානුක බවත් වාර්තා වේ.

මෙම අමතර ක්‍රීඩකයන් පහ තුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ටත් අවස්තාව ලබා දීමට තේරීම් කමිටුව සළකා බලමින් සිටින බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button