පැරණි ට්විටර් පණිවිඩ නිසා තවත් එංගලන්ත සුපිරි තරුවකට ක්‍රිකට් අහිමි වෙන ලකුණු

ඉන්දියානු ජාතික ගීයට අපහාස කරමින් ජාතිවාදී ට්විටර් පණිවිඩ පළ කළ තවත් එංගලන්ත ක්‍රීඩකයෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. ඒ වත්මන් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බේස් ය.

ඩොම් බේස් මීට වසර අටකට පෙර පළ කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ලොව අශෝබනම ජාතික ගීය ඉන්දීය ජාතික ගීය බවයි.

මේ අනුව ඩොම් බේස් සම්බන්ධයෙන් ද එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වේ.

මින් පෙර වසර නවයකට පෙර පළ කළ ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button