තවත් ප්‍රබලයෙක් ආබාධයකට ලක් වේ – ශ්‍රී ලංකා කණ්ඩායම අලි අමාරුවක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි T20 තරගය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතාවයකට ලක්ව තිබෙන බව වර්තා වේ. තරගය 27 වෙනි අගහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සංචිතයේ සිටිනා බොහෝ ක්‍රීඩකයන් ආබාධ තත්ත්වයන්ට ලක්වීම් හේතුකොට ගෙනය. ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු තරගය ක්‍රීඩා නොකළ භානුක රාජපක්ෂට විස්සයි විස්ස තරගාවලියම අහිමි වී ඇති බව වාර්තා වේ.

දෙරට අතර ඊයේ පැවැති පළමු T20 තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංකත් පාදයක ආබාධයකට ලක්ව තිබේ. ඔහු වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසුව ඔහුට තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කරනු ඇති.

එක්දින තරගාවලියේදි අසාර්ථක වූ පැතුම් නිස්සංකත් පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button