තවත් ශ්‍රී ලාංකික යෞවනයෙකුට මුකේෂ් අම්බානිගේ ඇස යොමුවේ – මෙහෙයුම මහේලගෙන්

එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලිය උදෙසා පැවැත්වෙන මහා ක්‍රීඩක වෙන්දේසිය ඉදිරියෙදි පැවැත්වීමට නියමිතයි.

නව කණ්ඩායම් දෙකක්ද ලියාපදිංචිව තිබෙනා මෙම තරගාවලියට ක්‍රීඩකයන් දහසකට අධික පිරිසක් ලියාපදිංචි වී තිබේ.

මෙහිදි ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වෙත සිය අවදානය යොමු කර තිබෙන බව වාර්තා වේ.

ඒ කැරම් පන්දුව යොමු කරනා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙතටයි. අයි.පී.එල් වෙන්දේසීයේදී මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට මුම්බායි කණ්ඩායම මේ අනුව විශේෂ අවදානයක් ලබා දෙන බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර ඉන්දීය ප්‍රීමීයර් ලීග තරගාවලියේ වැඩිම අවදානයක් හිමිවන විදෙස් යොවුන් ක්‍රීඩකයා බවට පත්වන්නේත් යොවුන් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බවට එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග මෙගා වෙන්දේසිය පෙබරවාරි මස 12 – 13 දින පැවැත්වීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button