ජයන්ත ධර්මදාස කුනු කූඩයට – අරවින්දගේ උපදේශන කමිටුව ක්‍රිකට් පාලන බලය අල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස අභිබවා අරවින්ද සිල්වා සභාපතීත්වය දරන ක්‍රිකට් උපදේශක කමිටුව ක්‍රිකට් පරිපාලන බලය හසුරුවන බව වාර්තා වේ.

කලක පටන් ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස කටයුතු කරන ජයන්ත ධර්මදාස ක්‍රිකට් පරිපාලනයේ බලවත් චරිතයකි. නමුත් ක්‍රිකට් උපදේශක කමිටුව කරළියට පැමිණීමත් සමග ඔහුගේ බලය ක්‍රමයෙන් හීන වී තිබේ.

වාර්තා වන අන්දමට මෑතකදි ජයන්ත ධර්මදාස විසින් ජාතික කණ්ඩායමේ කළමණාකරු ලෙස මහින්ද හලන්ගොඩගේ පත් කිරීම ක්‍රිකට් උපදේශක කමිටුව විසින් අහෝසි කර තිබේ. කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධනද මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වේ.

ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු පත් කිරීමේ බලය හිමිවන්නේ උපසභාපතිවරයාටය.

ඒ ජාතික කණ්ඩායමේ වත්මන් කළමණාකරු වන මංජුල කාරියප්පෙරුම ඉවත් කරමින්. පසුගිය එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන් හසුරවා ගැනීමට මංජුල කාරියප්පෙරුම අසාර්ථක වුනා. මංජුල කාරියප්පෙරුම හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ සමීපතමයෙක්. වාර්තා වන අන්දමට තිලංග සුමතිපාලට බියෙන් අරවින්ද ප්‍රමුඛ කමිටුව ඔහු ඉවත් කිරීමට පසුබට වෙමින් සිටිනවා.

ඊළග ක්‍රිකට් නිළවරණයෙන් තිලංග සුමතිපාල යළිත් බලය අල්ලනු ඇතැයි සිතමින් ක්‍රිකට් උපදේශන කමිටුව මෙලෙසට මංජුල කාරියප්පෙරුම ඉවත් කිරීමට අදිමදි කරනු ඇති බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button