ශ්‍රී ලංකාවට විශිෂ්ඨ එක්දින ජයක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස්කළා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා රැස්කළ ලකුණු සංඛ්‍යාව 120 ක්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55 යි. පන්දු යැවීමේදී බංග්ලාදේශයේ ටස්කින් අහමඩ් ලකුණු 46 කට කඩුළු 04 ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. ඒ, බංග්ලාදේශයේ මුල් කඩුළු 03, ලකුණු 28 ක් තුළ දවා ගනිමින්. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 3 ක් තුළ රැස්කර ගත හැකිවූයේ ලකුණු 189 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 9 ක් තුළ ලකුණු 16 කට කඩුළු 5 ක් බිඳ හෙලුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button