ලසිත් මාලිංගගේ යූටියුබ් නාළිකාවට සීග්‍ර ජනප්‍රියත්වයක්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අලුතෙන් ආරම්භ කළ යූටියුබ් නාළිකාව සීග්‍ර ජනප්‍රියත්වයක් අත් කර ගෙන තිබෙනවා.

වසර ගණනක් ක්‍රීඩා කරමින් තමන් ලබා ගත් සිය ක්‍රිකට් දැනුම සීමාවකින් තොරවම යෞවන ක්‍රීඩකයන් සමග බෙදා ගැනීම මෙම යුටියුබ් නාළිකාවේ අරමුණ බවත් මාලිංග පවසනවා.

ලසිත් මාලිංගගේ යූටියුබ් ගිණුමේ සිංහලෙන් වීඩියෝ පළ වූවත් එහි හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි පළවෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව සහ අසල්වාසී රටවල් කිහිපයක ක්‍රිකට් රසිකයන්ගේ අවදානය මෙම යූටියුබ් නාළිකාවට හිමිව තිබීම විශේෂත්වයක්.

සතියක් වැනි කෙටි කාලයක් තුල එම ගිණුම සමග එක්ව තිබෙන රසික පිරිස 40,000 ඉක්මවනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button