හෂාන් තිලකරත්නට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත් කර තිබේ. මෙරට හිටපු ටෙස්ට් නායකයෙක් වන හෂාන් තිලකරත්න වසර දෙකක කාළයක් සඳහා මෙම තනතුරට පත්කර ඇත.

ඔහු මින් පෙර මෙරට වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කළ අතර ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයේද තනතුරක් දැරුවේය.

හර්ෂ ද සිල්වා මින්පෙර මෙරට කාන්තා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button