යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙක් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට කැමැත්තෙන් – ජ්‍යේෂ්ඨයෙකුගේ බලපෑමෙන් නවතියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ලබා දී ඇති අවසන් දිනය අදයි.

යෝජිත නව ගිවිසුම් මගින් දක්ෂතා මත මුදල් ගෙවන ක්‍රමයක් හඳුන්වා දී තිබෙන නිසා එයට විරෝධය පළ කරමින් ක්‍රීඩකයන් මෙලෙසට ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

වාර්තා වන අන්දමට පසුගිය දිනවල සීමීත ඕවර තරග වලින් ඉවත් කළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මෙම විරෝධය මෙහෙයවමින් සිටියි. ඔවුන් විසින් සියලූම ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකිරීමට බලපෑම් කරමින් සිටින බවත් වාර්තා වේ.

කණ්ඩායමක් ලෙස සියලූම දෙනා ගිවිසුම් අත්සන් නොකළහොත් ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් වලට අවනත වීමට සිදුවන බවත්, යම්කිසි ක්‍රීඩකයෙකු මෙම ගිවිසුම් අත්සන් කළහොත් එය පාවාදීමක් බවත් මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් යොවුන් ක්‍රීඩකයන් හමුවේ පවසා තිබේ.

ක්‍රිකට් ආයතනයට අවසානයේ තමන්ගේ ඉල්ලීම් වලට එකඟ වීමට සිදුවන බවත්, එවිට පාවාදෙන්නන්ගේ ක්‍රීඩා දිවියම අවසන් වන බවටත් මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් යොවුන් ක්‍රීඩකයන් හමුවේ පවසා බිය ගන්වා තිබේ.

පසුගිය බංග්ලාදේශ තරගාවලියේ දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමට එකඟ වී තිබේ.

කෙසේ වෙතත් මෙම විරෝධය මෙහෙයවන ජ්‍යේෂ්ඨයෙකුගේ බලපෑම් වලින් පසුව එම යොවුන් ක්‍රීඩකයන් දෙදෙනාත් ගිවිසුම් අත්සන් කිරීමට නොහැකිව සිටින බවත් වාර්තා වේ.

සබැඳි පුවත් : කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තවමත් කොන්ත්‍රාත් අත්සන් කර නෑ – අත්සන් කිරීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button