නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවතී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය 6 වන දින ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඩොම් සිබ්ලි නොදැවී ලකුණු 60 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 40යි.

පන්දු යැවීමේ දී නෙයිල් වෑග්නර් කඩුලු 2ක් සහ ටිම් සවුති එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් උනා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා සිටියදී සිය ඉනිම නතර කිරීමට තීරණය කළා.

ටොම් ලේතම් ලකුණු 36ක් සහ රෝස් ටේලර් ලකුණු 33ක් රැස් කළ අතර, ඩෙවෝන් කොන්වේ හා හෙන්රි නිකල්ස් ලකුණු 23 බැගින් ලබා ගැනීමට හැකි උනා .

සිය අවසන් ටෙස්ට් තරග සංචාරයේ නිරත වන බී.ජේ වොට්ලින් නොදැවී ලකුණු 15යි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔලී රොබින්සන් පළමු ඉනිමේ ද දවා ගත් කඩුලු 4ට අමතරව දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දවා ගැනීම
ඔහු සමත් උනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 275ක් ලබා ගත්තා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ද්විත්ව ශතකයක් වාර්තා කරද්දී එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ රෝරි බර්න්ස් ප්‍රභල සටන්කාමී ශතකයක් වාර්තා කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 10 වැනිදා බර්මිංහැම්හී දී ආරම්භ වීමට තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button