ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලියේ කාලසටහන එළියට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගාවලියට අදාළ තරග කාලසටහන සෝනි සමාගම ප්‍රසිද්ධ කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියට අදාල කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සෝනි සමාගම සඳහන් කරන්නේ තරගාවලියේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල පැවැත්වෙන බවයි. විස්සයි විස්ස තරග තුන ජුලි මස 21,23 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි ඇතුලු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් වන්නේ නැහැ.

තරගාවලියේ සියලූම තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button