T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදි ? ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා ඇරඹේ

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

මෙවර විස්සයි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. එසේ වූවත් ඉන්දියාවේදී ලෝක කුසලානය පැවැත්වීම අර්බුදයකට ලක්ව තිබේ. ඒ එරට තුළ පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

මෙවැනි පසුබිමක් යටතේ ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා අරඹා තිබේ. ශ්‍රී ලංකාව මින් පෙරත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 3ක් (සම සත්කාරකත්වය සහිතව තරගාවලි 2ක්) මෙරට දී සාර්ථකව අවසන් කර තිබෙන අතර ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනකින්ද යුක්තයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලෝක කුසලානයට සත්කාරකත්වය දිනා නැහැ.

මේ මස 28 වනදා වන විට ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉන්දියාව විසින් ලබා දීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button