ට්විටර් අඩවියේදී ඉන්දියානු රසිකයන් විහිලුවට ගත් මැකලම්, මෝගන්ට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ග

ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩ පළකිරීම හේතුවෙන් පසුගියදා යොවුන් එංගලන්ත ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට තීරණය කළා.

එම සිදුවීමත් ක්‍රිකට් ක්‍රීඩකයන් පසුගිය සමයේ සමාජජාලා මාධ්‍ය භාවිතා කළ අන්දම මේ වනවිට කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ.

මේ සමගම පසුගිය 2018 වසරේදි එංගලන්ත නායක ඉයන් මෝගන්ගේ සහ හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් සිය ට්විටර් ගිණුම් ඔස්සේ සිදු කළ ට්විටර් පණිවිඩ කිහිපයක් පිළිබඳවද කතාබහට ලක්ව තිබේ.

මෙහිදී මැකලම් සහ ඉයන් මෝගන් විසින් ඉන්දියානු රසිකයන්ගේ දුර්වල ඉංග්‍රීසි භාෂාව උපහාසයට ලක් කර තිබෙනවා. මේ සමගම ඉයන් මෝගන්ට එරෙහිව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කිරීමේ අවදානමක් පවතියි.

තවද බ්‍රෙන්ඩන් මැකලම් සහ ඉයන් මෝගන් දෙදෙනාටම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් IPL තරගාවලිය තහනම් කිරීමේ සුදානමක්ද පවතින බවත් වාර්තා වේ.

බ්‍රෙන්ඩන් මැකලම් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර, ඉයන් මෝගන් එහි නායකයා ලෙසින් කටයුතු කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button