ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් මහේල හැර යයි

පළමු වරට එංගලන්තයේදී පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායම පුහුණු කිරීමේ අවස්තාව හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධනට හිමිව තිබේ. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එක් ඉනිමකට පන්දු සියයක් බැගින් කණ්ඩායමකට හිමි වීමයි.

කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ සදර්න් බ්‍රේව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පනවා තිබෙන සංචරණ සීමා කිරීම් හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඩේවිඩ් වෝනර් පවුම් 100,000 ක මුදලකට සහ මාකස් ස්ටොයිනිස් පවුම් 80,000 ක මුදලකට සදර්න් බ්‍රේව් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබුණා.

මහේල ජයවර්ධන මේ වනවිට ලොව පුරා ලීග සඳහා නැතුවම බැරි පුහුණුකරුවෙක් වන අතර ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේද පුහුණුකාරීත්වය දරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button