වාස් වැඩට බසියි – ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකා සංචිතයක වේග පන්දු යවන්නන් දහයක්

ඉතිහාසයේ මුල්ම වරට විදෙස් තරගාවලියක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතයකට වේග පන්දු යවන්නන් දහයක් එක්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය උදෙසා මෙලෙසට වේග පන්දු යවන්නන් දස දෙනෙක් සංචිතය එක්කර තිබේ.

ඒ පූර්ණ කාලීන වේග පන්දු යවන්නන් පහක් සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් පහක් ලෙසටය.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ප්‍රධාන වේග පන්දු යවන්නන් පස් දෙනෙකු එංගලන්තයට එරෙහි සංචිතයට නම් කර තිබෙනවා.

අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් මෙහි වේග පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරනවා. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන් සහ ඉශාන් ජයරත්න කටයුතු කරනවා.

එංගලන්ත තණතීරු වේග පන්දු යවන්නන්ට වඩා හිතකර බැවින් වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් විසින් මුල්වී වේග පන්දුවන්නන් දස දෙනෙක් සංචිතයට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button