සදුන් වීරක්කොඩි ඇමරිකාව බලා යෑමේ පුවත අසත්‍යක්. තවමත් මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්.

තම මංගල එක්දින තරඟයේදීම දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ ශතකයක් රැස් කල සදුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමරිකාව බලා සංක්‍රමණය වීමට සූදානමින් සිටිනබවට වූ පුවතක් සමාජ මාධ්‍ය හමුවේ සංසරණය වුනා.

මේ පිළිබදව සටහනක් තබමින් සදුන් වීරක්කොඩි පවසා තිබුනේ එම පුවත අසත්‍යක් බවත්, තමා මව්බිම වෙනුවෙන් තවමත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

තවමත් 27 හැවිරිදි වියේ පසුවන වමත් පිතිකරුවෙන් වන සදුන් වීරක්කොඩි 2017 වසරේ එක්දින වරම් ලබමින්, ශ්‍රීලංකාව වෙනුවෙන් එක්දින තරඟ 03ක් ක්‍රිඩා කර ඇත. එහිදී. ඔහු ලකුණු 73ක් රැස් කරගෙන ඇති අතර, උඩපන්දු 02ක්ද ලබා ඇත.

SSC කණ්ඩායම නියෝජනය කරන ඔහු පලමු පෙල පිටියේ පිතිකරුවෙක් මෙන්ම දක්ෂ කඩුළු රකින්නෙක් ලෙසටද ඔහු නම් දරා සිටී. පලමු පෙල ශතක 8ක් සහ අර්ධ ශතක 17ක් ඔහුගේ නමින් ලියවී ඇති අතර අතරට උඩ පන්දු 112ක් සහ ස්ටම්ප් කිරීම් 15ක්ද ඇතුලත්ය.

ශ්‍රී ලංකාවේ List-A තරඟ කාණ්ඩයේදී පිතිකරුවෙක් ලබාගත් වේගවත්ම ශතකයට හිමි වාර්තාව වන පන්දු 39කින්ලකුණු 101* ලැබූ වාර්තාවද සදුන් වීරක්කොඩි නමින් ලියැවී තිබීම මෙහිදී කැපී පෙනන සිදුවීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button