ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් දණ ගැස්වූ ජයසූරියගේ සමර්සෙට් ප්‍රහාරය

එංගලන්ත තරග සංචාරයක නිරත වන ඔනෑම ජාතික ක්‍රිකට් කණ්ඩායමකට එංගලන්ත ප්‍රාන්ත පිලක් සමග පුහුණු තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කරන්න ලැබීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව 2005 වසරේදී එංගලන්ත තරග සංචාරයක නිරත වන සුපිරි ඔස්ට්‍රේලියානු පිලට Somerset ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණු එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුනා.

එදා ඔස්ට්‍රේලියානු පිල මුහුණ දුන් Somerset පිල නිකන්ම නිකන් එංගලන්ත ප්‍රාන්ත පිලක් නම් නෙවෙයි. ඔවු, ලොව සුපිරිතම ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වූ සනත් ජයසූරිය සහ දකුණු අප්‍රිකානු නායක Graeme Smith ද එම වසර තුළදී Somerset ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කලා. එමෙන්ම එවකට Somerset පිලේ නායකයා වූයේද Greame Smith ය.

ඒ අනුව මෙම ඔස්ට්‍රේලියානු – Somerset පුහුණු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් ප්‍රථමයෙන් පන්දුවට පහරදී කඩුලු 5 කට දැවැන්ත ලකුණු 342 ක් රැස් කලා. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් Ponting, Hayden, Clarke සහ Hussy විසින් වේගවත් අර්ධ ශතක රැස් කලා.

එවකට ලොව සුපිරිතම වේග පන්දු යවන්නන් දෙපල වූ Glenn Mcgrath සහ Brett Lee හමුවේ Somerset පිලට ලකුණු 342 ක් හඹායෑමට පුළුවන් වෙයිද ???

ඔවු, Somerset ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසූරිය සහ Greame Smith ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ව තඹ දොයිතුවකටත් මායිම් නොකර අතිශය ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස සනත් සහ Greame විසින් පලමු කඩුල්ල සදහා ලකුණු 197 ක දැවැන්ත සබදතාවයක් පැවැත්වූවා. එමෙන්ම සනත් සහ Greame Smith දෙපලම වේගවත් ශතක රැස්කලා.

පන්දු 74 කට මුහුණ දුන් Somerset නායක Greame Smith ලකුණු 108 ක් ලබාගත්තා. එයට හතරේ පහරවල් 17 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

මෙහිදී පන්දු 79 කට මුහුණ දුන් සනත් ජයසූරිය හතරේ පහරවල් 9 ක් සහ හයේ පහරවල් තුනක්ද සමගින් ලකුණු 101 ක් රැස් කලා.

සනත් සහ Greame ගේ ශතක වලින් සවිමත් වූ Somerset පිල පන්දුවාර 46.5 කින් ලකුණු 342 ක ඉලක්කය හඹාගොස් තරගය ජයග්‍රහණය කලේ තවත් පන්දු 19 ක්ද ඉතිරිව තිබියදීය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වල ස්වර්ණමය යුගයේදී ප්‍රාන්ත කණ්ඩායමක් විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල පරාජයට පත්කිරීම අතිශයින්ම සුවිශේෂී දෙයකි. එමෙන්ම මෙය එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් ලැබූ අද්විතීයම තරග ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක්වෙනවා.

– Priyadarshana Ambrose –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button