ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය – වර්ෂාව මැද ඉන්දියාව ඉදිරියෙන්

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය ඊයේ (19) නිමා වුණා. තරගයේ පළමු දිනය වර්ෂාවෙන් සේදි ගිය අතර කාසියේ වාසිය උරගා බැලුවේත් ඊයේ දිනයේයි.

ඒ අනුව කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියානු කණ්ඩායමට ආරාධනය කළා. පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුනා.

ෂර්මා ලකුණු 34කටත්, ගිල් ලකුණු 28කටත් දැවී ගිය අතර, තෙවන කඩුල්ල ලෙස චෙතෙස්වෙර් පුජාරා ලකුණු අටකට දැවී ගියා.

දිනය අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාට් කෝලි ලකුණු 44ක් සහ අජින්කෙයා රහානේ ලකුණු 29ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, නෙයිල් වෑග්නර් සහ කයිල් ජමිසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූ ලෙස නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉදිරියේ ඉන්දීය කණ්ඩායම අසාර්ථක නොවූ අතර, නවසීලන්ත කණ්ඩායම දග පන්දු යවන්නෙක් නොමැතිව පැමිණීම ප්‍රබල අඩුවක් බවට විචාරකයන් පෙන්වා දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button