ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයේ වැඩ පෙන්වන එකම ශ්‍රී ලාංකිකයා

පළමු වරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ශූරතාවය එංගලන්තයේ සවුත්හැම්ප්ටන් ක්‍රීඩා පිටියේ පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය පළමු අයි.සී.සී ලෝක ශූරතාවය වෙනුවෙන් තරග වදින අතර අද තරගයේ දෙවෙනි දිනයයි.

මෙම තරගය සඳහා අයි.සී.සීය විසින් විශේෂ විස්තර විචාරක මඩුල්ලක් පත් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරද මෙම විස්තර විචාරක මඩුල්ලට එක් වීමයි. මේ අනුව සංගක්කාර අවසන් මහා තරගයේ විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරනවා.

ලොව ප්‍රකට MCC ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරන කුමාර් සංගක්කාර, පසුගියදා ICC Hall Of Fame නාමයෙන්ද පිදුම් ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button