ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තය L.P.L යළි ඇරඹේ – ක්‍රීඩකයන් බෙදී යන්නේ මෙහෙමයි!

එල්.පී.එල් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ආරම්භ වේ.

ඊයේ දිනයේ තරගාවලියේ කණ්ඩායම් පහේ ප්‍රධාන ක්‍රීඩකයන් පස්දෙනා නම් කෙරුනා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ කණ්ඩායම්හි වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

පසුගිය තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ.

දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස මෙවර නම් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා වන අතර, දසුන් ශානක දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, වනිදු හසරංග ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත් නම් කර තිබේ.

එම ප්‍රධාන ක්‍රීඩකයෙකුට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 60,000කි. එනම් රුපියල් ලක්ෂ 120කි.

මේ අතර විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙක් Icon Overseas සහ Diamond Overseas යන කාණ්ඩ යටතේ ප්‍රධාන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත ලබා ගත යුතුයි. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර, එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

කෙසේ වෙතත් කණ්ඩායමකට රඳවා තබා ගත හැක්කේ ගියවර තරගාවලිය ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ක්‍රීඩකයන් සිවුදෙනෙක් පමණයි. ඒ දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ජූනි 27 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර තම ලියාපදිංචිය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ලියාපදිංචි වන සියලු ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button