ශ්‍රී ලංකාවට සමුදුන් තිසර පෙරේරාගෙන් පාකිස්තානයේදි හයේ පහර වැස්සක්! (VIDEO)

මෑතකදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර පෙරේරා මේ දිනවල පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනවා. ඒ බාබර් අසාම් විසින් නායකත්වය දරන කරච්චි කිංග්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු ලෙසින්.

ඊයේ දින කරච්චි කිංග්ස් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතර පැවැති තරගයේදි සුපිරි දස්කම් දැක්වීමට තිසර පෙරේරා සමත් වුනා.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා. එහිදි පිත්තෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා පන්දු 18ක් තුල වේගවත් ලකුණු 37ක් රැස් කළා. තිසර පෙරේරාගේ වේගවත් ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් අන්තර්ගත වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාර් කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහිදි පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා පන්දුවාර 2ක් තුළ ලකුණු 10ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙලුවා. තරගය වෙනස් කරමින් පන්දු 38කදි ලකුණු 77ක් රැස් කළ හස්රටුල්ලාහ් සසායිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේද තිසර පෙරේරායි.

තිසරගේ වේගවත් ඉනිම පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button