ඉන්දියාව පරදා නවසීලන්තය ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනියි!

ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් නම ලියමින් ලොව පළමු ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා. ඒ අවසන් මහා තරගයේදී විරාත් කෝලීගේ ඉන්දියානු කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින්.

සිය මවුබිමට හිමිවන පළමු අයි.සී.සී ලෝක ශූරතා ජයග්‍රහණය සදහා සිය දෙවන ඉනිමේදි ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 140ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදි නායක කේන් විලියම්සන් ලකුණු 52ක් රැස් කරමින් නවසීලන්ත දෙවන ඉනිමේ කොදු නාරටිය බවට පත් වුනා. ඔහුට අනගි සහයක් ලබා දුන් රොස් ටේලර් ලකුණු 47යි.

ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 32 ක වාසිය හේතුනේ නවසීලන්තයට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 139 ක් පමණි. සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 170කට සියලූම දෙනා දැවි ගියා. එහිදි රිෂබ් පාන්ට් ලකුණු 41ක් රැස් කළා.

තරගයේ හැරවුම් ලක්ෂය ලෙස තරගය ආරම්භ වී පන්දු 5 ක් ඇතුළතදී කයිල් ජැමීසන් විසින් විරාට් කෝලි සහ චෙට්ස්වාර් පුජාරා දවාගැනීම තරගයේ වාසි නවසීලන්තය කරා යොමු වීමට හේතුව විය.

ටිම් සවුති ලකුණු 48කට කඩුලු හතරක් බිඳ දමමින් ඉන්දීය බිඳ වැටීම තවදුරටත් ස්ථිර කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 9කට ටොම් ලේතම් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට දැවී ගියා. ඒ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 31ක්ව තිබියදී. දෙවන කඩුල්ල ලෙස ඩෙවොන් කොන්වේ දැවී ගියේ ලකුණු 19කටයි. මුලු කඩුලු දෙකම දවා ගත් රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියානු කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමූවා.

කෙසේ වෙතත් ඉන්අනතුර පිටියට පිවිසි නායක කේන් විලියම්සන් සහ රෝස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් ජයග්‍රහණය කරා අත්තිවාරම දැමූවා. තෙවන කඩුල්ලට ඔවුන් දෙදෙනා පිහිටවූ සම්බන්ධය ලකුණු 96කි.

මින්පෙර 2015, සහ 2019 වසර වලදී ලෝක කුසලාන අවසන් මහා තරග දෙකක් ක්‍රීඩා කළත් නවසීලන්ත කණ්ඩායමට ලෝක කුසලානයක් ජයගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන් සැලකුනේ ක්‍රිකට් ලොව අවාසනාවන්තම කණ්ඩායම ලෙසයි.

අවසානයේ ප්‍රථම අයි.සී.සී ලෝක කුසලානය ඔවුන් විසින් ජය ගැනීම ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයක් ලෙසට විචාරකයන් පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button