තරඟය පරාජය වීම ගැන කනගාටුයි. ප්‍රභල කණ්ඩායමකට එරෙහිව ලකුනු 130 හොදටම මදි -කුසල්

ඊයේ තරඟය පරාජය වීම පිළිබඳව තමා ඉතා කනගාටුවට පත්වනබව කණ්ඩායම් නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

තරඟයෙන් අනතුරුව අදහස් දැක් වූ ඔහු ප්‍රකාශ කලේ,

” පලමු තරඟය පරාජය වීම ගැන මම ඉතා කනගාටු වෙනවා. එංගලන්තයට වගේ ප්‍රභල කණ්ඩායමකට එරෙහිව ලකුණු 130ක් ලබාගැනීම ප්‍රමානවත් නෑ. අපේ මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම අපිට ගොඩක් බලපෑමක් කලා. ඉපිලීම සහිත වේග තනතිලිවල හොදින් ක්‍රීඩා කරන්න අපි මානසිකව සූදානම් වෙන්න ඕන.දෙවන තරඟයට පෙර අපි ඒ ගැන සාකච්ඡා කරනවා. සුපුරුදු පරිදි වනිදු හසරංග හොදින් පන්දු යැවීම සිදුකලා. ඒ වගේම දසුන් ශානක පිතිකරුවෙක් විදියට කරපු කාර්‍යභාරය අමතක කරන්න බෑ.” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button