“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්බොක්ස් මෙසේජ් කරනවා, කරදරයි” ට්විටර් අඩවියේ තරුණියන්ගෙන් චෝදනා!

ට්විටර් අඩවිය භාවිතා කරනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන්ට ඉන්බොක්ස් හරහා පණිවිඩ එවමින් කරදර කරනා බවට ට්විටර් අඩවියේ තරුණියන් පවසනවා.

ට්විටර් පණිවිඩ නිකුත් කරමින් තරුණියන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමාජජාලා ඔස්සේ තමන්ට සිදු කළ යෝජනා හෙළිකිරීමේ රැල්ලක් දැන් ට්විටර් වෙබ් අඩවියේ ආරම්භ වී තිබේ.

මේ අනුව එක් තරුණියක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුනේ විවාහක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පවා තමන් හට පණිවිඩ එවීම අතිශය ලැජ්ජාශීලි බවය. එහිදි ඇය පෙන්වා දී තිබුනේ තරුණියන්ට පණිවිඩ එවනවාට වඩා ක්‍රීඩාවට අවදානය යොමු කරන ලෙසයි.

තවත් තරුණියක් අදහස් දක්වා තිබුනේ ලොව පුරා ප්‍රකට #MeToo රැල්ල ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ට එවූ පණිවිඩ නිරාවරණය කරමින් මෙරට ට්විටර් වෙබ් අඩවියේ තරුණියන් රැල්ලක් ආරම්භ කළ යුතු බවය.

මින්පෙරත් දැඩිව සමාජජාලා භාවිතා කරන බවටත්, එහිදී තරුණියන්ට නොමනා යෝජනා ඉදිරිපත් කරන බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වි තිබුනා.

මෙරට තරුණ ක්‍රීඩකයන් බොහො දෙනෙක් ට්විටර් වෙබ් අඩවිය දිනකට පැය 8 – 10ක කාලයක් භාවිතා කරන බවටත්, එමගින් ඔවුන් තරුණියන් සමග මිතුරු වීමට උත්සාහ කරන බවටත් එහිදි කියවුනා.

UPDATE (22:00 – 6/ 25) :  අදාල ට්විටර් පණිවිඩය නිකුත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනිය අප කර්තෘ මණ්ඩලයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඇයගේ නම සහ ඡායාරූපය බොඳ කරන ලදි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button