මෙන්ඩිස්ලාගේ මැනේජර් ඈෂ් අසංක වැඩ අරඹයි – ජනතාවගෙන් අනුකම්පාව දිනා ගන්න මාධ්‍ය මෙහෙයුම ඇරඹේ!

එංගලන්ත සංචාරය අතරතුර රාත්‍රීයේදි වීදි සැරූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස්ට උපරිම දඬුවම් දෙන ලෙසට ක්‍රිකට් රසිකයන් ඉල්ලීම් කරමින් සිටියි.

මෙවන් පසුබිමක මෙම ක්‍රීඩකයන්ගේ කළමණාකරු වන අසංක විජේවර්ධන විසින් එම ක්‍රීඩකයන්ට ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමේ මාධ්‍ය මෙහෙයුමක් අරඹා තිබෙන බව වාර්තා වේ.

අසංක විජේවර්ධන නොහොත් ඈෂ් අසංක වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම ක්‍රීඩා කළමණාකරුවෙක් මෙන්ම දූෂිතම කළමණාකරුවෙක් ලෙසින් හැඳින්වේ.

මේ අනුව ෆේස්බුක් පිටු සහ ජාතික මාධ්‍යයන්ට සහ පුවත්පත් වලට මුදල් ගෙවා මෙම තිදෙනාට මහජනතාවගේ අනුකම්පාව හිමිවන ලෙසට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමට ඈෂ් අසංක කටයුතු කරමින් සිටිනවා.

අසංක විජේවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවට කිසිඳු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙක් වූ අතර ඔහු ක්‍රීඩක කළමණාකරණ ව්‍යාපාරය ඇරඹූවේ ඇන්ජලො මැතිවුස් මෙරට නායකත්වයට පත්වූ පසුවය. ඔහු ඇන්ජලෝ මැතිවුස්ගේ වැඩිමහල් සොහොයුරාගේ ව්‍යාපාරික සගයාද වේ.

අසංක විජේවර්ධන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button