ශම්මි ක්‍රියාත්මකයි – මෙන්ඩිස්, ධනුෂ්කලා රැකගන්න භානුක රාජපක්ෂට තරග තහනමක්

ප්‍රවේගකාරී භානුක රාජපක්ෂට වසරක තරග තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමින් මාධ්‍යයට අදහස් දැක්වූවා යැයු කියමින් මෙම දඬුවම ලබා දී තිබේ. මීට අමතරව ඇමෙරිකානු ඩොලර් පන්දහසක දඩයක්ද ඔහුට නියම කර තිබේ.

ඔහුගේ තරග තහනම වසර දෙකකට අත්හිටුවා තවත් වසර දෙකකින් ක්‍රියාත්මක වන ලෙසට ලබා දී ඇති නමුත් දඩය ගෙවීම අනිවාර්ය කර තිබේ.

භානුක රාජපක්ෂ සැලකුනේ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ ස්ථාන වලට ඉතා සුදුසු ක්‍රීඩකයෙක් ලෙසය. එවන් පසුබිමක ඔහුට මාධ්‍යයේ අදහස් දැක්වූවා යැයි කියමින් මෙලෙසට තරග තහනමක් පැනවීම විශේෂත්වයකි.

තවමත් එංගලන්තයේදි විනය විරෝධිව හැසිරුන කුසල් මෙන්ඩිස්ට, ධනුෂ්ක ගුණතිලකට සහ නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් ආයතනයෙන් කිසිඳු දඬුවමක් ලබා දී නැත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ලිපිය පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button