ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න කැමතියි කියුවම හැමෝම මට හිනාවුනා. – සංගක්කාර

තමා ක්‍රිකට් ක්‍රීඩා කරන මුල් අවදියේ ඉතා දුර්වල බවත් තමා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන බව පැවසූ විට බොහෝ දෙනා සිනාසුනු බවත් ලොව බිහි වූ විශිෂ්ඨතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර පවසනවා.

ඒ යූටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්, ඔහු ඒ බව මෙසේ ප්‍රකාශ කර සිටියා..

” මට මතකයි අපි NCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන කාලෙදි මගේ වයසේ හිටපු යොවුන් ක්‍රීඩකයන් අතරින් දක්ශතාවය හා කුසලතා අතින් දුර්වලම ක්‍රීඩකයා මම. අනිල් රිදීගම්මනගෙදර, අසේල පතිරණ හා සංජීව ජයරත්න තමයි NCC හි මගේ වයසේ අයගෙන් හිටපු යොවුන් තරු වුණේ. මූලික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් බවට පත්වෙලා හිටියේ ඔවුන් තමයි. ඒ වෙලාවට තරඟ තියෙද්දි මම හිටියේ වතුර අදිමින් බංකුවේ. මට අවස්තාවක් ලැබුණේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සංචාරයකට ගිය අවස්තාවකදී පමණයි..

මගේ වයසේ ක්‍රීඩකයන් සමඟ කාලය ගත කරද්දි මගේ ක්‍රම්වේදයට අනුව හැමදේම කරන්න මට ඕනි වෙලා තිබුණා. ඔවුන් එකිනෙකාව විවේචනය කරන්න කිසිසේත් පැකිලුනේ නෑ.

දවසක් ක්‍රීඩාගාරයේ ඉද්දි අනාගතයේදි අපි මොකද කරන්නේ කියලා කතා වුණා මට මතකයි.හැමෝම කිව්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනි කියලා. අනිල්, අසේල පිතිකරුවන් විදිහට සෙල්ලම් කරන්න ඕනි කිව්වා.සංජීව ජයරත්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ලොව ඕනෑම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණා. ඔවුන් මගෙන් ඇහුවා මම මොනවද කරන්න කැමති කියලා. මමත් කිව්වා මාත් කැමතියි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා. එතකොට හැමෝම මට හිනා වුණා.

හේතුව මම NCC කණ්ඩායමේ ස්ථානයක් ලබාගත්තෙත් බොහෝම අමාරුවෙන්. මම දක්ශතාවය අතින් ඔවුන් අසලකවත් නෑ. නමුත් අන්තිමට මම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා. ජීවිතයට ගොඩක් දේවල් ළඟා කරගත්තා

කිසිවෙකු හැම විටම පරාජයට පත්වෙන්නේ නෑ.. දරුණු පරාජයකින් පසු ඔබට නැවත නැගී සිට, එයින් පාඩම් ඉගෙන ජයග්‍රහණය කරා යන්න පුලුවන් නම් දවසක ඔබ ලෝක ශූරයෙක් වෙයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button