වනිඳුට ඩොලර් ලක්ෂ දෙකක් – I.P.L කණ්ඩායම් හතරකින් ලංසු , දැල් තුල පන්දු යැවීම අනිවාර්යයි!

ශ්‍රී ලංකා පා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමග ගිවිසුම් ගත වීම සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හතරක් පමණ ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා.

වනිදු හසරංග ඩොලර් ලක්ෂ දෙකක මුදලකට මිලට ගැනීමට මෙම කණ්ඩායම් සුදානමින් සිටින බවටත් වාර්තා වේ.

මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. වනිඳු හසරංග මිලට ගැනීමට මෙම කණ්ඩායම් සුදානම්ව සිටින්නේ එම කොටසේ සිටයි.

කෙසේ වෙතත් මෙම සෑම කණ්ඩායක්ම සිය ගිවිසුම තුල වනිඳුට දැල් තුල සිය කණ්ඩායමේ පිතිකරුවන්ට අනිවාර්ය කරමින් කොන්දේසියක්ද ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත්තේ වනිඳු හසරංග විසින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button