වනිඳු IPL ගෙන්වා ගන්න ඉන්දීය බලධාරීන් නිරෝධායන නීති වෙනස් කරයි

IPL තරගාවලිය සඳහා නිරෝධායන කාලයක් ගත නොකරම ශ්‍රී ලංකාවේ සිට හුවමාරු විය හැකි ආකාරයට අවසර ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා නිර්මාණය කරනු ලබන ජෛව ආරක්ෂිත බුබුලෙන් ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට සහභාගී වීමට අවසර හිමිව තිබේ.

මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත්තේ යොවුන් ශ්‍රී ලංකා පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය තරගාවලියට සහභාගී වීමට බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු ජෛව බුබුලකට ඇතුළත්ව නොමැති ක්‍රීඩකයින්ට සහ සෙසු පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අයි.පී.එල් තරගාවලියට එක්වීමට නම් දින 6ක කාලයක් නිරෝධායනයට ලක් වීමට සිදු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button