“පුහුණුකරු රංගන හේරත් නිසා බංග්ලාදේශ් දග පන්දු යවන්නන් දියුණු වෙලා” ඕස්ට්‍රේලියාවෙන් හේරත්ට පැසසුම්! (VIDEO)

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තා. එහිදි බංග්ලාදේශය විසින් තරගාවලියකදී ඕස්ටේලියාව පරාජය කළේ ඉතිහාසයේ පළමු වතාවටයි.

මෙහිදී බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුනා. බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා විශිෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් අදහස් දැක්වූවා.

“ඔවුන්ගේ පන්දු ගොඩක් වෙලාවට කෙළින්ම කඩුල්ලේ වැදුණා. ඔවුන්ට හොඳින් පන්දුව උඩු ගුවනේ ඉපිල්ලවීමට හැකියාව තියෙනවා. මොකද ඔවුන් පන්දු යොමු කරන්නේ ඉහළ මට්ටමේ සිට පහලට නෙවෙයි, පහළ මට්ටමේ සිට ඉහලට. ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු රංගන හේරත් සිදු කළෙත් එහෙමයි. ඔහු එවැනි පන්දු යොමු කිරීමේ විශිෂ්ඨයෙක්. ශකිබ් ඒ දේ කළා. පන්දුව උඩු ගුවනේ ඉපිල්ලවීම මෙවැනි තණතීරුවල ඉතාමත් වැදගත්. ඔවුන් ඒ දේ හරියටම කළා.”

යනුවෙන් ඇෂ්ටන් ඒගාර් ප්‍රකාශ කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button