වනිඳු හසරංග විරාත් කෝලිගේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වේ

මේ වනවිට ලොව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සමග එක්වී තිබෙන බව වාර්තා වේ.

එහි විරාත් කෝලී නායකත්වය දරනා, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙලෙසට වනිඳු හසරංග සමග ගිවිසුම් ගත වී තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල් ක්‍රීඩා කරන්නේත් RCB කණ්ඩායමට වීම හේතුවෙන්, වනිඳුට අවසාන ක්‍රීඩකයන් 11 අතර ස්ථානයක් හිමි වීම ගැටලුවක් යැයි විචාරකයන් පවසනවා.

කෙසේ වෙතත් මේ සමඟම වනිඳුට විරාත් කෝලී ඇතුලු පිතිකරුවන්ට පුහුණු දැල් තුල පන්දු යැවීමට සිදු වෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button