කොළඹදී අනතුරට ලක් වූ දකුණු අප්‍රිකානූ ක්‍රීඩකයා ක්‍රමයෙන් සුව අතට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සීමීට්ග ඕවර තරගාවලියකට සහභාගී වීම සඳහා මේ දිනවල පැමිණ සිටිනා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩක බෙයුරන් හෙන්ඩ්‍රික්ස් පසුගියදා අබාධයට ලක් වුනා. ඒ පුහුණුවීම් අතරතුර දී පන්දුවක් මුහුණේ වැදීමෙන්.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මේ වන විට ඔහුගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට පත්වෙමින් තිබේ.

දකුණු අප්‍රිකානු පිතිකරු ඩ්වේයන් ප්‍රෙටෝරියස් එල්ල කළ පහරකින් පසු පන්දුව ඔහුගේ ඇසක් ආසන්නයේ ගැටී තිබුණා. ඉන් ඇතිවූ තුවාලය සඳහා හෙන්ඩ්‍රික්ස්ට මැහුම් අටක් දැමීමට සිදුව තිබුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය හෙට(2) ආරම්භ වේ. ඉන්පසුව පැවැත්වෙන තරග 3කින් යුත් T20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button