“තරග තුනම ජය ගැනීම අරමුණයි” නායක දසුන් අද තරගයේ සැලැසුම කියූ හැටි!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අද ඇරඹෙනවා. තරගාවලිය පිළිබඳ කණ්ඩායම් නායකයන් අදහස් දක්වන මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුනා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළේ දග පන්දු යවන්නන්ගෙන් වැඩි කඩුලු සංඛ්‍යාවක් ලබා ගත හැකි නම් තරගාවලිය 3 – 0ක් ලෙස ජය ගැනිමේ වැඩි හැකියාවක් පවතින බවයි.

අද ආරම්භ වන පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා පිතිකරුවන් 6 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවත් නායක දසුන් කියා සිටියා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button