ලැබූ ජයත් සමගින් සුපර් ලීගයේ නවසීලන්තයත් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු තරගයේ ලැබූ පෙරළිකාර ජයත් සමගින් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

සුපර් ලීගයේ ශ්‍රී ලංකාව මින්පෙර එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යි.

මේ වනවිට සුපර් ලීගයේ ශ්‍රී ලංකාව තරග 13ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 3ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබෙනා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 32ක්.

මෙහි ශ්‍රී ලංකාව බොහෝ තරග පරාජය වූයේ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල ආදීන් ක්‍රීඩා කරනා සමයේයි.

එංගලන්තය සුපර් ලීගයේ පෙරමුණ ගෙන සිටින අතර, නවසීලන්තය එහි 9 වන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව එහි 11 වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button