යොවුන් අවිශ්ක වාර්තාවක් අභියස – සංගා, මහේල ඇතුලු විශිෂ්ඨයන්ද පසු කර ගිහින්

යොවුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සුවිශේෂී වාර්තාවක් අභියස පසුවෙනවා. ඒ දකුණු අප්‍රිකාව සමග පසුගියදා පැවැති පළමු එක්දින තරගයේදී වාර්තා කළ විශිෂ්ඨ ශතකයත් සමගයි.

මේ අනුව අවිශ්ක තවත් ඉනිම දෙකක් තුල, ලකුණු 54ක් රැස් කළහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ජාත්‍යන්තර ලකුණු 1000 රැස් කළ පිතිකරුවා වීමේ හැකියාව හිමිවෙනවා. දැනට ඉනිම 24ක් තුල ඔහු ලකුණු 946ක් රැස් කර ගෙන සිටිනවා. ඊට ශතක තුනක් සහ අර්ධ ශතක පහක්ද ඇතුලත්.

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුණු දහසේ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ප්‍රවීන ක්‍රීඩකයෙකු වන රෝයි ඩයස්. ඔහු 1985 වසරේදී ඉනිම 27කින් එක්දින ලකුණු 1000 සීමාව පසුකර යෑමට සමත් වුනා.

23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු නිමාවූ පළමු එක්දින තරගයේදී රැස් කළේ සිය තෙවන එක්දින ශතකය වන අතර එහිදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ශතක ත්‍රිත්වය ලබා ගැනීමේ වාර්තාවේ දෙවන ස්ථානයට පැමිණීමටත් සමත් වුනා. එම වාර්තාව දැනට තමන් සතු කරමින් සිටින්නේ ඉනිම 21ක් තුල ශතක 3ක් ලබා ගත් උපුල් තරංගයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ශතක ත්‍රිත්වය වාර්තා කරන ලද පිතිකරුවන් –

01) උපුල් තරංග – ඉනිම් 21, 02) අවිශ්ක ප්‍රනාන්දු – ඉනිම් 24, 03) ළහිරු තිරිමාන්න – ඉනිම් 47, 04) කුසල් පෙරේරා – ඉනිම් 51, 05) මහේල ජයවර්ධන – ඉනිම් 54, 06) මාවන් අතපත්තු – ඉනිම් 88, 07) කුමාර් සංගක්කාර – ඉනිම් 92, 08) දිනේශ් චන්දිමාල් – ඉනිම් 97

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button