දෙවන තරගයේ ඇරඹුමට බාධා – ප්‍රේමදාස පිටියේ නවතම කාලගුණ තත්ත්වය මෙන්න

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ. ඒ තරගය ආරම්භයට පැයකට පමණ පෙර සිට ක්‍රීඩා පිටියට වර්ෂාව ඇද හැලුනා. ඒ හේතුවෙන් මුළු ක්‍රීඩාංගණයම ආවරණය කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට වර්ෂාව නිමා වී යහපත් කාලගුණ තත්ත්වයක් ක්‍රීඩා පිටිය අවට පසුවෙනවා. ක්‍රීඩා පිටියේ ආවරණ ඉවත් කොට ක්‍රීඩා පිටිය යථා තත්ත්වයට පත් කිරීම ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ඇති.

තරගයේ පන්දු වාර ගණන අඩු කිරීමකින් තොරව ඇරඹීමට නම් පස්වරු 3:30ට තරගය ආරම්භ කළ යුතුයි. බොහෝ විට තවදුරටත් වර්ෂාව ඇද නොවැටුනහොත් තරගය ඇරඹීමේ හැකියාවක් පවතී.

පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button